පළමු කැකුළ

144 21 10
                                        

රන්ගිරගින් පායාපු ඉර දැල්ල කඳු වළල්ල මැද්දෑවෙන් ගම්මාන හතක් එළි කරනවා....පිපිච්චි තඹර කැකුළකට ඇහැ බැඳුන කෙලී වැව් ඉස්මත්තෙ ඉදාන නෙළුමට අත දික් කරනව...ඉර දැල්ල වැටුන පලියටම රත්තරන් උන වැව් තීරෙම දේවතා පෑය අරගෙන දිස්නෙ ගහනවා ....ලෝභ හිතෙන තරමට හැඩ ගහපු වැවත් පරාදයි...ඒකිගෙ හැඩට........

වැව් ඉස්මත්තෙ ඉදාන නෙළුමට අත පාන කැකුළි.....දෙයියනෙ ඒකිගෙ හැඩ....අතිශයෝක්තිම දාලා වැනුවත් මදිය හිතෙන තරමෙ දේවතා හැඩක් ඒකිට තිවුනෙ....බෙල්ල පාමුලට ගෙඩි ගහපු කොන්ඩෙ...ලෙහුවනම් දනිහ පහු කරන තරම් ඇතිය හිතුනා....තඹර පෙත්තට ඉරිසියා හිතෙන තරමටම රත ගහපු කොපුල.....නා දල්ලකට දෙවෙනියි කියත නොහී මීවිත රන්දාපු දෙතොල....වීණා සිතාර මක්කටද හිතෙන කපු ඔසරියට වැහුන හැඩ දේහේ .....අගස්ති මාල එල්ලාපු වත....ඒ හැඩ සේරමක්ම පරද්දාපු දිස්නෙ ගහන ඇස් ජෝඩ්ඩ.....ඉටියෙන් ඇඹුවදෝ මන්දා....ඇස්බැන්දුමක්දෝ මන්දා...

මක්ක හෝ වේවා දකින එකෙකුට උන් හිටි තැන් නැති කරන රූපයක් ඒකිට තිබ්බා.....අනුරාධපුර යුගේ ඉදගෙනම මෙච්චරක් කාලෙකට ලියාපු හැඩකාර කවි මහ ගොඩක්ම ගෑනුන්ට ලිය උන එකට විස්මයක් නැතුවා....ගෑනියක් මෙච්චර හැඩ වෙද්දින් උන්ට කවි නොලියවී කොහොමෙයි....ඒකි කොච්චර හැඩද කියනවනම් ඒකිගෙ අතෙ තිවුන නෙළුම් මිටටත් ඊරිසියා හිතිලා බිම බලාන උන්නා....

ඒකිගෙ හැඩට ඇස්වහ අරින්ඩ වයෙ හිරිකඩ වැස්සක් වැව් ඉස්මත්තට වැටෙන්ඩ ගත්තා වෙද්දි හිරි කඩ වැස්ස දිහාව දිලිහන් ඇස් වලින් බලාන උන්නු කෙලී හිනහ උනා....අපෙ අප්පේ...ඒකිගෙ ඇස් පරාදයි ඒ හිනාවට...උඩරටම එලි ගහනවා ඒකිගෙ හිනාවට...

වැව් ඉස්මත්තට අහරින් තිවුන පස් පාර දිගාවට ආව කලුපාට මොරිස්මයිනරේ දූවිල්ල නටවන්ම කෙලී උන්න හරියෙ නැවැත්තුවා....වැව් ඉස්මත්තෙ මැයි මාර ගහ පල්ලෙ ඉදාන නෙළුම් මිටට හිනා කවපු නාරි වාහනෙ දිහාව ආඩම්බර බැල්මක් දාලා ආපිට නෙළුම් මිට දිහාව බැලුවා....

නතර කරාපු වාහනෙන් පිට බැහැපු හැඩකාර මනුස්සයා හිරිකඩේ දිහාව එක වංගියක් බලලා ආයෙම වංගියක් මැයි ගහ පල්ලෙ උන්නු කෙලී දිහා බැලුවා....තලඑලලූ හමට කලු රැවුල එක්කන් බෙල්ල පාමුලට වැවුන කොන්ඩෙ...උන්දැ ඇවිදින් පුදුම ජේත්තුකාර මිනිහෙක්....

You've reached the end of published parts.

⏰ Last updated: May 26 ⏰

Add this story to your Library to get notified about new parts!

තඹර කැකුලක් | Upcoming Stories to obsess over. Discover now