14.දහ හතර වන කොටස

35 7 23
                                        

( මේ කොටසට යටින් තියන කතු සටහන අනිවාර්යෙන් බලන්න...)

වසර දොළහකට පසුව...

" විහා ඕක ඉක්මනට හදන්න. කට්ටිය මග ඇති දැන්. " සහේලි පැවසුවේ කලබලයෙනි.

" මග නෙවේ. තාම ගෙදර ඇති. දුලා ල නං ඔන්න පිටත් වෙලා ඇති. උන් විතරනෙ ඔතනින් වෙලාවට වැඩ කරන්නෙ. " විහඟ උඳුනේ දොරටුව විවෘත කර උණු උණුවේ තිබු බටර් කේක් තැටිය පිටතට ගත්තේය.

" අම්මෝ ඔව්. දුලාට ටයිම් නං ටයිම්. මට මැවිලා පේනවා ට්‍රිප් යනකොට උදේම ඇවිත් මුණ දෙක කරං බලං ඉන්න හැටි. මං වුනා නං මල පනිනවා. ඇයි හලෝ කාටද පුළුවන් ඔහොම වෙලාවට වැඩ කරන්න. ඒත් ප්‍රාති ඉතිං අම්මෝ... දුලා කියන දෙයක් විතරමනෙ . පුදුම කීකරු කමක්. වෙන මිනිහෙක් වුනා නං පූදුම විදිහට වැඩ ගනී. දුලා හින්දම හොඳයි. "

විහඟ සිනාසුනේය. බිරිඳ ගේ ප්‍රියතම මාතෘකාව දුල්යාන් සහ ප්‍රාති බැව් විහඟ දනී.ඇය සතියකට වරක් වත් ඔවුන් දෙදෙනා පිලිබඳ කතා කරයි.වන්.... ටූ.. ත්‍රී.... ඔහූ මනසින් ගණන් කලේ සැමදා පුරුදු කියමන ඇසීමේ සුදානමෙනි.

" මේ විහා.. මට කොච්චර හිතුවත් ඒ දෙන්නව තේරුං ගන්න බැහැ හලෝ... "
සැමදා පවසන ලෙසින් සහේලි පැවසුවේය.

විහඟ බිරිඳ දෙස බලා සිනාසුනේය.

" කොහොමද එච්චර හබියට කීකරු වෙන්නෙ. අනික එයාට දුලා ගෙන් තොර ලෝකයක් නැහැ. ඒක වෙලාවකට බය හිතෙනවා.හරියට ඇඩික්ට් වෙලා වගේ.ඔයා කියන්නෙ ඇඳුමක් ගන්නෙත් දුලා ගෙන් අහල.මට ඒක හිතාගන්න බැහැ හලෝ. මාත් හැමදේම ඔයත් එක්ක කියනෝ. ඒක හරි. ඒත් මං ඔයා කියන ඔක්කොටම හා කියන්නැහැනෙ .වලි අදිනවනේ.අපි වලි දාගන්නවා. යාලු වෙනෝ. ඒත් ඒ දෙන්න වලි දාගන්නෙත් නැහැ. දාගන්න බැහැනෙ. ප්‍රාති දුලා කියන හැම එකටම හා කියනවනෙ.එතකොට වලි දා ගන්නෙ කොහොමද."

" ඒක ඒ දෙන්නගෙ මැරේජ් එක හේලි. අපිට අදාල නැහැ. " විහඟ තැටිය මුළු තැන් ගෙයි පිඟන් ගඩොලින් තැනු කෙටි කන්ඩිය මතුපිට තැන්පත් කළේය.

" ඒත් විහා... ප්‍රාති නිකං පැත්තකට හැරුනත් හැරෙන්නෙ දුලා මොනව කියයිද කියලා හිතලා. ඒක හරි ඇබ්නෝමල්. "

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

ප්‍රේමායන Where stories live. Discover now