TheGatesOfLove
"නුඹේ සුවඳ රැඳුණු ඒ කළු කුඩය යට, මහවැලි ගඟේ රළ පවා නිහඬව බලා සිටි ඒ හැන්දෑව... ජීවිතයේ තීරණාත්මකම කඩඉම අභියස, හදවත් දෙකක ගැහෙන රාවය නුඹට ඇසුණාද?"
නුවර ආසයට ඇවිද ගිය පාද, නුවර වැව රවුමේ සීතල සුළඟට හුරු වන්නට වැඩි කාලයක් ගත නොවීය.
අභිෂේක - බුද්ධිමත්, නිහඬ, එහෙත් ආදරය ඉදිරියේ නොසැලෙන වීරයෙක්. ස්නේහා - සංවේදී, අහිංසක, එහෙත් අභියෝග හමුවේ ශක්තිමත් යුවතියක්.
හොඳම යෙහෙළිය හෙසලිගේ නොසැලෙන සහයෝගයත්, දඟකාර එහෙත් හිතවන්ත සසිඳුගේ වීරත්වයත් නැත්නම්, ඔවුන්ට මේ ගමන මෙතරම් දුර එන්නට හැකි වේවිද?
ඔවුන්ගේ ආදර කතාවලට එරෙහිව නැඟුණු මලීෂාගේ කුමන්ත්‍රණත්, රවිඳුගේ දරුණු පළිගැනීම් මැදත්, "විභාගය" නම් මහා කන්ද තරණය කරන්නට ඔවුන්ට හැකි වේවිද?
වෛරය, කුතුහලය සහ පරිත්‍යාගය පිරි සරසවි සිහිනයක නොකියූ කතාව... "A/L" හි දොරටු විවර වනු ඇත.
Written by ;
꧁ঔৣ✞ Lasindu Bimsara ✞ঔৣ꧂