" තැපැල් කරන්න ඕනේ ටික ලෑස්ති කර ගත්තද ?"
" ඔව් අයියේ . ස්පීඩ් , නෝමල් කියලා ලියලා වෙනම බෑග් දෙකකට දාලා ගැට ගහලා තියෙන්නේ. "
" හරි මැණික. ඔයත් යනවනේ... "
" ඔව් ඉතින්. වැඩි හොඳට අනේ කිව්වේ... "
" අට කිව්වට බන් ඕකුන් පෝස්ට් ඔෆිස් ඇරලා වැඩ පටන් ගන්නකොට අටහමාර පහු වෙනවා. එදත් දැක්කනේ... තව ටිකක් පහු වෙලාම යමන්. "
" ඉතින් අයියට පරක්කු වෙයිනේ... "
" පැය බාගයක් එහා මෙහා වුණා කියලා මට කවුරුත් මුකුත් කියන්නෑ . "
" මේ අයියේ... ඒක නෙමේ... ඊයේ මාර වැඩක් වුණානේ අනේ... මන් ඔයාට කියන්නමයි හිටියේ. "
එළියේ ශවර් එකෙන් ඇඟ හෝදන ගමන් හිටිය මම කුස්සියෙ දොර ගාව හිටන් කොස් ඇට වගයක් සුද්ද කරන අයියට වචන ඇද ඇද කතා කරද්දි අයියා හෙනම කුතුහලෙන් මගේ දිහා බලාගෙන හිටියා.
" ශොප් එකේ අක්කගේ පොඩි දුව ඉන්නේ..."
" ඉතින් ?"
" ඒ කෙල්ලත් මගේ වයසෙනේ... "
" ඉතින් ?"
කොස් ඇට ටික භාජනේ එක්කම සින්ක් එකට අත ඇරිය අයියා අත් දෙක පපුව ඉස්සරහෙන් බැදගෙන මට සම්පූර්ණ අවධානේ දුන්නා.
" එයා ඊයේ මගෙන් ඇහුවා... "
" තටමන් නැතුව කියපන් වාසන. "
" ඔයා මගෙම අයියා නෙමේ නේද කියලා. "
" ඒ කිව්වේ ?"
" අපි දෙන්නා එක අම්මගේ පුතාලා. අයියයි. මල්ලියි. නෙමෙයි නේද කියලා. "
" උඹ මොකද කිව්වේ ?"
" නෑ කිව්වා ඉතින්. "
" ඊට පස්සේ. "
" ඔය දෙන්නා ගෙවල් වලින් පැනලා ඇවිත් ආදරේ කරනවා නේද ඇහුවා. "
" සිරාවට ? උඹ මොකද කිව්වේ ?"
" මන් ඉතින් ඔව් කිව්වා. "
" හුකා. ඊට පස්සේ. "
" ඊට පස්සෙ ඉතින් එයාට අපි දෙන්නව දැක්කම එහෙම හිතුණා කිව්වා. ඒ කෙල්ලට අපි ගැන දැනගන්න මාර උනන්දුවක් තිබ්බේ. ඒත් මන් වැඩිය මුකුත් කියන්න ගියේ නෑ. "
