අයාන් එක්කම මම හෝටල් ශාලාව ඇතුලට ඇතුළ් උනා. ඒත් එක්කම මොහොතකට මගෙ ඇස් ආකර්ශනය කරගත්තෙ මුළු ශාලාවම පිරිලා තිබ්බ ලස්සන ඩෙකරේශන්ස් වලින්. පොළවට වඩා මීටර් දහයකින් වගේ උසකින් තිබ්බ සිවිලිම පිරිලා තිබ්බෙ රත්තරන් පාට Chandeliers වලින්. ඒවගෙන් විහිදුණු දීප්තිමත් එළිය පොළවෙ ටයිල් හරහා දිස්ණෙ දෙද්දි එතන තිබ්බෙ පුදුම ලස්සනක්.
ඒ වගේම අවට වායුගෝලය පිරිලා තිබ්බෙ නැවුම් මල් වර්ග කිහිපයක සහ මිල අධික කොලොන්ග් වර්ගයක සුවදින්. සුදු පාට ලිනන් රෙදි වලින් වහපු වටකුරු මේස වලින් මුළු හෝල් එකම පිරිලා තිබ්බා, තව ඒ මේස ඩෙකරේට් කරලා තිබ්බෙ අපේ ක්ලබ් එකේ පාට වෙන මෙරූන් සහ සුදු පාට මල් පුරෝපු උස වීදුරු බදුන් වලින්. ඒ මල් අතරින් පතර තිබ්බ පුන්චි ඉටිපන්දම් වල එළිය ඒ ඩෙකරේශන් වලට අමුතුම චාම් ගතියක් දීලා තිබ්බා.
හෝල් එකේ එක කෙලවරක තිබ්බෙ එක එක කෑම ජාති වලින් පිරිච්ච දිග බුෆේ ටේබල් එකක්. ඊට අමතරව හෝල් එකේ අනික් කොනේ තිබ්බ බාර් එක ක්ලබ් එකේ වැඩිහිටි සාමාජිකයින්ට බීම ජාති පිරිනමන ගමන් හිටියා.
අපි ප්ලෑන් කරපු විදිහටම ස්ටේජ් එකත් සරසලා තිබ්බා, ස්ටේජ් ස්ක්‍රීන් එකේ තිබ්බෙ අපේ ක්ලබ් එකේ නමයි ලෝගො එකයි Anniversary note එකයි තියෙන powerpoint slide එකක්.
"Oh my freaking god, මාරම ලස්සනට ඩෙකරේශන් ටික කරලා අයියේ. Those red roses are soooo pretty" මගේ එහාපැත්තෙ හිටපු අයාන් කිව්වෙ එයාගෙ ඇස් අමුතුම දීප්තියක් එක්ක ලස්සනට දිළිසෙද්දි.
"Yeah they are very pretty, but not as pretty as you" අයාන්ගෙ ඇස් දිහා බලාගෙනම මන් කියද්දි එයා, එයාගෙ මූණ හිනාවකින් පුරෝගෙන් ලැජ්ජාවෙන් අහක බලාගත්තා.
මේ වෙද්දිත් හෝල් එක අමුත්තන්ගෙන් පිරිලා තිබුනා. ක්ලබ් එකේ සීනියර් මෙම්බර්ස්ලා වගේම ජූනියර් මෙම්බර්ස්ලා, Admi staff එක වගේම හැම අනික් සාමාජිකයෙක්ම පාහේ තම තමන්ගෙ පුටු වල ඉදගෙන හිටියා.
හෝල් එක වටේ ඇස් අරන් යද්දි මට පෙනුනා අපේ කෝචුත් අනිත් ටීම් වල කෝච්ලා එක්ක කයියක් ගහගෙන ටේබල් එකකට වෙලා ඉන්නවා.
ඒත් එක්කම මම දැක්කෙ ස්ටේජ් එක ලගින්ම තියෙන තවත් මේස දෙකක වාඩි වෙලා ඉන්න අපේ ටීම් එකේ සෙට් එක. නිකිල් එතන ඉදන් අපේ පැත්තට අත වනන ගමන් අපිට එන්න කියලා අගවනවා.
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc (On Hold)
Non-Fiction"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...
