9 වන කොටස

1.2K 41 52
                                        

ඉතින් දැන් අග්රජට අඬන්න ඕනේ..මෙතැන ඉන්න කට්ටියට පේන්න කෑගහලා අඬන්න අග්රජට පුළුවන් ද..ඔව් අග්රජට ඒක කරන්න පුළුවන්..

දැන් වෙද්දි අහසත් කළු වෙලා හරියට අග්රජගේ මූණ කළු වාලාවකින් වහාගත්තා වගේ..එයාගේ අැස් දැන් බර වෙලා හරියට වලාකුළු වැහි බිංදු වලින් බර වෙලා වගේ..

එයා මෙච්චර කල් උපතින්ම අම්මා මරපු මිනීමරුවා කියන බොඩ් එක ගහගෙන හිටියා..එක එයාට ඇත්තක් කියලා අමල් හඟවන්න ගත් උත්සාහය..එයාව පැත්තකට දාලා එයාගෙම නිවුන් සහෝදරියව දුවක් වගේ ආදරෙන් බලාගන්න එක..

ඇයි අග්රජ අමල්ගේ පුතා නෙමෙයි ද??..එයාටත් ඒ සැලකිල්ල අයිති නැද්ද??..එයා නෙමෙයි ද එයා⁣ගේ අම්මාගේ මිනීමරුවා??..නෑ ඒ අග්රජ නෙමෙයි..

මේ ඔක්කොම කොල්ලේක්ට හිතේ හිර කරගෙන ඉන්න අමාරුයි..ගොඩක්ම අමාරු එයාට ආදරෙ බිඳක්වත් ලබලා නැති එයාගේ අම්මාව එයා මැරුවේ නෑ කියන එක..

ඉතින් අග්රජ අඬනවා..දැන් වෙද්දි අහසත් අඬනවා..හැබැයි එයා අග්රජට වඩා හයියෙන් අඬනවා..මේක තරඟයක් ද??..නැත්තම් වෙන මොකක් හරි දෙයක් ද??..

මෙච්චර කල් වචන දෙක තුනක් විතරක් කතා කරපු එයාගේ තාත්තා අද එයා එක්ක වචන ස්වල්පයක් කතා කරා..එකත් එයාගේ ජීවිතේ වෙනස් කරන දෙයක් ගැන..

අහසෙන් වැටෙන වැහි බිංදු වලට රහක් තියෙනවාද??..නෑ නේද..ඒත් අග්රජගේ කඳුළු වල තිබ්බේ ලුණු රහක්..ඒක අග්රජට දැනුනේ නොදැනුවත්ව එයගේම කඳුළක් එයාගේ තොල් තෙත් කරපු නිසා..

අග්රජගේ කඳුළු වලට පාටක් නෑ..හරියට වැහි බිංදු වලට පාටක් නෑ ⁣වගේ..

වැහි බිංදු වල අර්ථයක්  හැංගිලා තියෙනවාද??..වෙන්න බෑ..මොකද වැහි බිංදු වැටෙන්නේ කිසිම හැඟීමක් නැතුව..

හැබැයි වැහි බිංදු වලට ඉර එළිය වැදුනාම පොඩි අර්ථයක් ඒකේ තියෙනවා නේද..එක තමයි දේදුන්න කියන්නේ..ඒත් එහෙම දේදුනුක් හදන්න අග්රජගේ කඳුළු බිංදු වලට කව්ද ඉර එළිය වෙන්නේ??..

කව්රැත් නෑ..අඩුම තරමේ අ⁣මේශ්කවත්..නෑ එයත් නෑ..අග්රජට දැන් කව්ද ඉන්නේ??..එයාගේ ගෙදර එයාට අම්මා වගේම ආදරේ කරන එයාගේ අක්කාවත් මෙතැන නෑ..

You've reached the end of published parts.

⏰ Last updated: Dec 10, 2025 ⏰

Add this story to your Library to get notified about new parts!

.වන්නම.  .Wannama. (Ongoing)Where stories live. Discover now