Author's pov :
Unknown location....
" අරූ අපේ තැන ද ඉන්නේ"
" ඔව් බොස් ඌව ගානට එතනට ගෙනත් තියෙන්නේ"
"ok let's go"
....
රුද්‍ර එයාගේ තැනට යමින් ගමන් තිබුණෙ කවුරුත් නොදන්න එයා විතරක් දන්නත් තැනකට.. එයා විතරක්ම කිව්වට එයා විතරක් නෙවෙයි නෙවිල් ඒ වගේම එයාගේ ටීම් එකේ ඉන්න අය විතරක් දන්න තැනක්..
ඔයාලා හිතන්නේ ඒ තැන මොන වගේද මොකට පාවිච්චි කරනවා කියලද..
මේ වෙනකොට නෙවිල් එයාගේ වාහනේ රුද්‍ර යන තැනටම යන ගමන් ඉන්නේ.
after a few minutes..
එතන තියෙන ගොඩනැගිල්ලෙන් එළිය පවා අඳුරු පාටක් තිබුනේ? ඒ වෙන මුකුත් නෙමෙයි එතන තියෙන මූසලකම හින්දමයි. එළියට පේන සාමාන්‍යයෙන් අඳුරු තැනක් උනාට ඇතුලෙන් ඔය තැන කී දෙනෙක්ගේ ජීවිත උදුර ගන්න ඇත්ද
කී දෙනෙක්ගේ අන්තිම හුස්ම පොදවල් ඔතනින් එළියට යන්න ඇත්ද. නිකමට හිතන්න ඔය මැරෙන හැමෝම නිකරුනේ මැරෙන අයද නැත්තං හේතුවක් ඇතුව මැරෙන අයද.
මේ ලෝකේ ඉන්න කවුරුත් නිකරුනේ හේතුවක් නැතුව මිනී මරන්නෑ නේද.. ඉතින් රුද්‍රටත් එහෙම ලොකු හේතුවක් ඇති..
" ඔහෝ ඔයාලා හරියට මෙයාට සලකලා වගේ නේද..හරීඊඊඊම පව්.. මොනවා නැතත් අයියට පස්සේ මල්ලි මගේ තැන බලන්න ආවා"
රුද්‍ර එහෙම කිව්වේ මුළු හෝල් එකම දෙදරන්න තරම් හයියෙන් හිනා වෙන ගමන්..
" මේ කිසි ආතල් එකක් නෑනේ මෙයා අව වෙන ඉඳන් නිදියි.....ඇහැරවන්න"
ඒක කිව්වට වඩා රුද්‍රයාගේ ගෝලයොන්ට අණ කරා.. ඒ කියන පරක්කුවටම ගෝලයෝ අදාළ පුද්ගලයාගේ ඇගට වතුර එකක් ගැහුවේ ඇහැරවන්න කියලා හිතාගෙන.
🌊🌊🌊🌊🌊
"ආහ්"
" ඉතින් කොහොමද මල්ලි."
"උ..උබ උබට මොනාද යකෝ ඔය වෙලා තියෙන්නේ මොනාද මේ කරන්නේ..'
" වෙලා තියෙන්නේ......වෙලා තියෙන්නේ කියලා අහන්න කලින් උඹලා එකතුවෙලා මට කරේ මොකක්ද කියලා මතක් කරගන්නවා.."
