.
.
.
.
.
මන් හිටියෙ මේ මහ පාන්දර නැගිටලා කකුල් දෙකෙන් ඇවිදින්න ලොකූ ට්‍රයි එකක් දෙන ගමන්... ඇයි අනෙ තව ටිකකින් අපි නුවරඑළියෙ යනෝ මගෙ මිනිහාවත් ගෙදර දාලා.. එයා නම් කට කපලා බුදි.. සරම ඇදන් හොදට හුලං වැදි වැදි බුදි... ඔන්න ඔහේ නිදාගත්තුදෙන් නැත්තන් මන් මේ ඇවිදින්න ට්‍රයි කලා කියලා කන පිරෙන්න අහගන්න වෙනවා.. ඊයෙ රේන්ට මල පැනලා ගියා ගියාමයි ආපහු එලියටවත් ආවෙ නෑ... පව් එක අතකට ටෙරාන් අයියා.. ඌ මුට හෙන අවුරුදු ගානක ඉදන්ලු කැමති වෙලා තියෙන්නේ.. රේන් ගල් මූසලයට ටෙරාන් අයියා කියලා එයා කැමති කතාව.. ඒ කලෙ මන් හිතන්නෙ අපි දහය වසරෙද කොහෙදලු.. මූ මට ඕක කිවෙ නෑ නේ පරාර්තකාමියා... ඕනි මම්ගුලක්....
" බ..බා මොකාද මේ කලින් නැගිටලා.. ආ..ම්හ්..."
අනෙ ඉතින් මගෙ මනෝපාර කියන්නෙ මන් ඉදගෙන තියෙන්නෙ අයියගෙ කකුල උඩ ඉතින් මේ මනුස්සයා නැගිට්ට එක අහන්නත් දෙයක්ද... තඩි ඈනුමකුත් යවලා අයියා ඇදේ ඉදගත්තා... මදැයි ඇවිදින්න හැදුවා.. මගෙ මනෝපාර හරස් උනානෙ අප්පා ඒකට...
" ඇවිදින්න උත්සාහ කලානෙ අනේ..."
" මගෙ කකුල උඩ ඉදන්ද ඇවිදින්න හදන්නෙ ආ..."
" ආව්වා...හ් අනෙ..."
අනෙ නාකි කෝලම් හුම්... ඉනෙන් ඇදලා අරන් ඔඩොක්කුවෙන්ම ඉන්දවගත්තා.. තව පොඩ්ඩෙන් තුවාලෙත් පෑරෙනවා උරහිසේ...මගෙ පිටට එයා එයාගෙ කම්මුල හේත්තු කරගෙන බර හුස්මක් පිටකලා..
" මොකෝ ඒයි ඔහොම... ඔයා දුකින්ද..."
" ඔයා ලග නැති උනාම දුක හිතෙයි..."
" ඉතින් ඔයාමනෙ අයියේ මාව යවන්නෙ මටත් ඔයා නැතුව ඉන්න විදිය අමතක වෙලා තියෙන්නෙ දැනටම..."
" ඔයාගෙ සේෆ්ටි එකටනෙ බබා මෙහෙම දුරකට යවන්නෙ..."
" ඒනම් දුක් නොවී ඉන්නකෝ ම්... හැමදාම අපි දෙන්නා වීඩියෝ කෝල් ගමු හාද... එතකොට අපි දෙන්නා ලගින් ඉන්නවා වගෙ දැනෙයි...."
මෙයා මාව කිටි කිටියේ බදාගෙන නලල ඉබිනවයි කම්බුල ඉබිනවයි .. එක අතකට වැඩිමල් කෙනෙක් එක්ක යාලු උන එක හොදයි... ඇයි අනේ මාව දරු පැටියෙක් වගේ බලාගන්නවනෙ...හුම්...
" ම්.... ඒම කරමුකො... දැන් මගෙ බබා ඇවිදින්න ට්‍රයි කලෙ ඇයි ආ... තාම හොද නෑ නේ දරුවෝ කකුල් දෙක..."
මාව පිටිපස්සෙන් බදාගෙන කන ගාව මුමුනනවා මේ මනුස්සයා...ආහ්...... ඇගේ හිරි කඩුත් පිපෙනවා යකෝහ්...මේකා සරම විතරයි ද ඇදන් ඉන්නෙ ජොකා නෑ වගේ... මගෙ කොන්ද හරියට හෙන රස්නයක් දැනෙනවා අනේහ්...
" ඉතින් අනේ ඇවිද්ද පය දහස් වටී කියලා කියමනක් අහලා නෑ? අන්න ඒක හිතට අරන් මන් මේ ඇවිදින්න උත්සාහා කලා... සුට්ටක් සුට්ටක් පුලුවන් උනා... කොහෙත අනෙව් මගෙ මනෝපාර හින්දා ඒකට කෙලවිලා ගියානෙ අයියෝ... ඌයියා..හ් මිරිකන්නෙ ඇයි අනේ..."
" ඔහොම කට කියවනකොට ලෝභ හිතෙනවා මැණික.... මට පේන්න විතරක් ඔය හුරතලේ පෙන්නපන් දරුවෝ...."
යෝ යෝ its ක්‍රිෂ් බබා දියවෙන ටයිම්.... අයියා ඉස්සර ඉංග්‍රීසියෙන් කියෝනකොට මන් හිතුවෙ සිංහල බැරුව ඇති කියලා බලන් යනකොට මට වඩා මෙයාට සිංහල පුලුවන් නේ...එයා ලව්ලි විදියට කතා කරනකොට මාව සීතල වෙලා දිය වෙලා යන්න එනවා අප්පා... මගෙ කම්මුලක් මිරිකලා තමා මෙයා කතා කලේ.. කමක් නෑ අනේ ඔයා හිනවෙලා ඉන්න... මන් දන්නවා ඔයා මට පේන්න කොච්චර හිනා වෙලා හිටියත් ඔයාගෙ ගෙදරින් එන ප්‍රෙෂර් එක හින්දා මාරම අමාරුවෙන් ඉන්නෙ... මට ඕනෙත් ඔයාගෙ හිනාව දකින්න අයියේ...
"මන් කෝමත් හුරතල් තමා හුම්... බලන්න ඔයාගෙ පුතා වගෙ අලි කුලෙ නෙවෙයි මේ සූටි මන්... හුරතල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...හුම්..."
" ම්.... පොඩ්ඩක් සීරියස් වෙන්න දෙන්නෙම නෑ නේ පිස්සු කොල්ලා..."
හේ හේ... ආදරේටනේ අනේ....
" හී.... මගේ නාකි හබියා...."
මන් එයාගෙ තොලෙන් සූටි පෙක් එකක් තිබ්බා....එයාගෙ මූන හිනාවෙන් පිරිලා ගියා...
" මන් නාකි උනාට අවුලක් නෑ බබෝ... මගෙ අනිත් දේවල් තරුණයි.....ම්....."
" එව් එව් වලත්ත කතා කියන්න එපා දරුවා ඉස්සරහ.... දෙන්නෙ උඩින් යන්න... උඩින්...."
" හරි හරි හොද දරුවා වගෙ යන් වොශ් එකක් දාන්න... තව ටිකකින් යන්න ඕනිනේ...ම්ම්...."
" ඔයත් එනෝද වොශ් කරවන්න..."
" මන් ආවට කමක් නැද්ද ම්..."
මන් එහෙම එපා කියනෝද අනේ... මන් රතු වෙලා මන් හිතන්නෙ... ලැජ්ජයි තමා ඒමයි කියලා අත කඩාගන්නද තනියෙන් වොශ් කරන්න ගිහින්.. ඔන්න ඔහේ ආපුදෙන් නොදැකපු දේවල්ද... ඉහික්...
" මේ.... ආවට කමක් නෑ ඉතින්... "
" ඉතින් ඇයි රතු වෙලා... බලන්න ජම්බුවක් වගේ... මමනෙ ඉන්නෙ ලැජ්ජා වෙන්න එපා ම්... මාව අප්පච්චි කියලා හිතලා යන්කෝ...."
හුම්... අනෙව් එයා ඇත්තටම මගෙ අප්පච්චි උනා නම් කියලා සමහර වෙලාවට හිතිලා තියෙනවා.. මාව හරහට වඩාගෙන ගිහින් බාත් ටබ් එකට දාලා එයා ගියා ඇදුම් අරන් එන්න... මන් ඉතින් එයා මාව නිරුවත් කරලා නාවලා බොඩි වොශ් දාලා සෝදනකන් ඔහේ එයාගෙ ඇස් දිහා බලාගෙන හිටියා.. සමහර වෙලාවට මට හිතෙන්නෙම එයා මගෙ නිරුවත දිහා කවදාවත් වනචර විදියට බලලා නෑ සීමාවක ඉදන් ආදරෙන් බලාගන්නවා.. ඒක හරිම උනුහුම් හැගීමක්...
" රිදෙනවද ම්.... අයියා හිමින් සේදුවෙ... හරිද.... රිදෙනවනම් කියන්න මගෙ පැටියා..."
" ම්.... රිදුනෙ.. නෑ නේ... මට දුක හිතිලා තියෙන්නේ... "
" ඒ ඇයි ම්...."
මට හිතාගන්න බැරි රෙහාන් අයියා කොහොමද මෙච්චර ආදරෙන් මට සලකන්නෙ කියලා... පොඩි කාලෙ මගෙ තාත්තා මගෙ ලගින් වත් ගියේ නෑ ලොකු වෙනකන්... අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් වැඩ වල බිසී හින්දා මාව බලාගත්තේ මේඩ්ස්ලා... මට හෙන ඉරිසියයි රේන් ගැන මේ වගෙ ආදරණීය තාත්තෙක් ඉන්න එකට... කමක් නෑ මට ඉස්සරහට මේ ආදරේ විදින්න පුලුවන් කියලා මන් හිතනවා...
"ඔයා ඕම ලව්ලි උනාම මට ගෙදර අයව මතක් වෙනවා..හික්.. එයාලා මාව මේඩ්ලට බලාගන්න දාලා එහෙ මෙහෙ යනවා මේඩ්ලා මාව මේ වගෙ ආදරෙන් බලාගෙන නෑ අයියේ... ඔයා පිටරටක හිටපු කෙනෙක් උනත් මට හිතාගන්න බෑ කොහොමද මෙච්චර ආදරණීය් උනේ කියලා..හික්... මට ඔයාව මීට කලින් හම්බෙන්න තිබ්බෙ කුකී හිතෙනවා...හික්..."
මට බාගෙට ඇඩිලා හිටියේ දරාගන්න බැරුව.. එයා මාව වතුර පිටින්ම තුරුලු කරගෙන නලලට බර හාදුවක් දුන්නා..
" දුකින් ඉන්න එපා බබා... දැන් ඔයාට ඉන්නවනෙ තාත්තාට වඩා ආදරේ කරන කෙනෙක්.... ම්.... කදුලු නාස්ති කරන්න එපා දරුවෝ ඇස් කැත වෙනවා... මන් කැමති මගෙ බබාගෙ ඇස් තරු වගෙ දිස්නේ ගහනවට... කෝ ඉතින් නාඩා ඉන්න.... "
මන් ඉක්කා එකකුත් යවලා අයියගෙ බෙල්ල අස්සෙ මූන ඔබා ගත්තා... මෙයා ගාව හරි සනීපයි අනේ... අයියා මාව තුවායකින් ඔතලා ඇදෙන් තිබ්බා...
" කෝ දැන් ඉතින් හුරතල් උනා ඇති බබා.. මන් රේන්ව ඇහැරගෙන එන්නම් එතකන් කලිසම දාගන්නවද... "
" ඕකෙ බොස්...."
" කෝලම...."
...............................
" ලමයි ලෑස්තිද ඩ්‍රයිවර් ඇවිත් වරෙල්ලා ඉක්මනට..."
ශෙහාන් අංකල්ගෙ කටේ සද්දේ මුලු ගෙදරම දෙදරලා ගියා...බුදු අම්මෝහ්... නෙලීශ ඉන්නෙ කෝමද මෙවන් තාත්තෙක් එක්ක.. මන් ඇදගෙන ඉවර වෙලා හිමින් ක්ලචර්ස් දෙකෙන් ඇවිදගෙන පහලට ගියා... මගට යනකොට රේන් දුවගෙන ඇවිත් මගෙ ඉනෙන් අල්ලගෙන හිමින් පහලට එක්කන් ආවා.. මොකද දන්නෑ රේන් සද්දයක් නැත්තෙ.. එයා සද්දයක් නැති උනාම මට හෙන පාලුයි...
" රේන්.... මොකෝ සද්දයක් නැත්තේ... "
" නිකන් ක්‍රිෂ්.... කකුල් දෙක අමාරුයි ද තාම..."
" මන් අහපු දේට උත්තර දෙන්නකො ඒයි.. මාව මගාරිනවා වගේනේ ඔයා...."
" පිස්සු කොල්ලා... මන් මගාරිනවද ඔයාව ම්... පොඩ්ඩක් ඔලුව කැක්කුමයි බබා..."
අම්මො ට්‍රැක් එකට ආවා රේන්... මූ බුම්මන් හිටියාම මගෙ හිතට හරි නැ...
" අනෙ බල්ලනී.. වරෙල්ලකො අපෙ අප්පොච්චිය අරගෙ වරම් අරන් කෑගහනවා බොලව්...."
නෙලීශ පඩිපෙල දිගේ දුවගෙන ඇවිත් අපි ඉන්න තැනම බ්‍රේක් ගැහුවා.. තව පොඩ්ඩෙන් මාව පෙරලගෙන මූ වැටෙන්නෙ.. රේන් මාව එයාගෙ ඇගට හේත්තු කරගත්තා අරූගෙ ඇගෙ වදින්නෙ නැති වෙන්න..
" යමන් ඉතින් යන්න... උබලගෙ තාත්තාගෙ සුමිහිරි කටහඩ රැව් දෙනවා පගෝ.... "
" ඒක තමා යකෝව් යන් කිව්වෙ කන කීන් ගානවා ඒ සද්දෙට..."
නෙලීශ කියන කතාවත් ඇත්ත.. ගියානම් බෙරිහන් දෙන එක නතර වෙයි වගෙ...
" ආ ඔය එන්නෙ ත්‍රිබල... නැගපන් තොපි තුන් දෙනා වාහනේට.. දැනටම පහයි වෙලාව... පාන්දර වෙන්න කලිම් ට්‍රයි එකක් දෙන්න ඕනෙ කොලඹ පහු කරගන්න... ආ රෙහා.. උබ ආවද..."
" ම්... ඔව් විශාල් සොහාන් ටෙරාන් ව එයාපෝර්ට් එකෙ ඩ්‍රොප් කරලා ආවා.. හයට ෆ්ලයිට් එක..."
"ම්.... ඒනම් දැන් ඔය ඇටයෝ තුන් දෙනත් නගින්න කාර් එකට.. ගාඩ්ලා දෙන්නා වෙන වාහනේක එයි..."
අයියගෙ මූන අදුරු වෙලා තියෙන්නේ.. මන් ඇස් වලින් ඇයි ඇහුවම එයා ලගට කතා කලා..
" රේන් මන් ඩැඩා ගාවට ගිහින් එන්නම්..."
"ම්...යන්න..."
මන් ක්ලචර්ස් දෙකෙන් හිමින් එයා ගාවට ගිහින් එයාගේ ඇගේ එල්ලුනා..
" කෝ හිනා වෙන්න බලන්න මගෙ ජපන් බනිස...හී..."
" පරිස්සම් වෙනවා කියලා පොරොන්දු වෙන්න අයියට.."
" පින්කි ප්‍රොමිස්..."
" මන් ඉක්මනට එන්නම් මගෙ පැටියව බලන්න... එතකන් දග නොකර ඉන්න... "
එයා එහෙම්ම කියලා මගෙ තොල් දෙකම විනාඩියක වගේ හාදුවක් තිබ්බා.. අනිත් අය ඉන්න එක එයාට ගානක් නෑ.. ඒත් අපි දෙන්නටම අමතක උනා මට ඇබ්බැහි උන තව එක්කෙනෙක් මෙතන ඉන්නවා කියන එක...
" බුදු සරණයි ලමයෝ..."
නෙලීශත් ගිහින් අයියට වැන්දා රේන් නම් හග් එකක් දුන්නම අයියා නලල ඉම්බා...ම්හුක්... ඒක...
" ම්... හැමෝම පරිස්සමින් යන්න...."
"හරේ බායි....."
පාරෙ මගක් යනකන්ම ශෙහාන් අංකලුයි අයියයි අත වන වන අපිට සමුදුන්නා..
කාර් එකේ නෙලීශ පැසෙන්ජර් එකේ ගියෙ ඩ්‍රයිවර් එක්ක... මන් රේන් එක්ක පිටිපස්සෙ ඉදගෙන ගියේ... රේන් හෙන අමුතුයි අනේ අද..
" ඔයාගෙ ඔලුව රිදෙනවා කිව්වා නේ.. ඔඩොක්කුවෙන් ඔලුව තියන්නකො රේන්...මන් අතගාන්නම්..."
" ම්... කමක් නැද්ද බබා..."
" ඒක මොකක්ද අනේ...ඔන්න ඔහේ තියන්න...."
රේන් සීට් එකෙ දිගෑදිලා මගෙ බඩෙන් ඔලුව තියාගත්තා..
" හරි සනීපයි ක්‍රිෂ්.... "
" ම්... ඔයා හිතනවා වැඩී රේන්... බෙහෙත් ටික බිව්වද ම්..."
" ම්... ඔයා කියන හින්දා බොනවා නැත්තන් ඒවායෙ සුවදට වමනෙට වගේ.."
" ම්ම්... බෙහෙත් එහෙම තමා... ටිකක් දොයියගන්න එතකොට ඔලුව රදේ අඩු වෙයි..."
" ම්....ටිකක් පාත් වෙන්න..."
" ඒ මොකෝ..."
මන් ඒ මොකො කියලා අහගෙනම ඔලුව ටිකක් පාත් කලා මගේ.. මූ ඉම්බේ නැතැයි මගෙ නහය... නහය පෙක් කරලා මූ කුපාඩියා වගෙ හිනා වෙනවා.. ඉදකින් විතරක්...
................................
අන්තිමට පැය අටකට වගෙ පස්සෙ අපි නුවර එලියට ආවා... එනකන් අපි ත්‍රිබල කට කපලා බුදි... මන් ඉතින් රේන්ගෙ බනිස් වගෙ තියෙන පපුවට හේත්තු වෙලා සනීපෙට දොයියෑවා.. රිසෝට් එක ලගට එනකොට පාරෙ අදුරන එකෙන් ඉන්නවා වගෙ දැකපු නිසා වාහනේ අයිනට කරලා නවත්තන්න කියලා මන් කිව්වා..
"ඒ බන් නෙලීසයෝ... අරූව අදුරන එකෙක් වගේ පේන්නෙ මට විතරයි ද ඈ..."
නිදි මරගාතේ ඈනුම් යව යව හිටපු නෙලීශ වටපිට ස්කෑන් කලා විතරයි ඇස් දෙකත් ටොම්බ සයිස් කරගෙන අපෙ පැත්ත හැරුනා...
"හිකෙනවනෙ ශලිතයා ඉන්නෙ...ඒ..."
ම්....ම්....අහ්.අහ් ආ... බඩු හරි තමා....
වෝට් කරලා ෆලෝව් කරගෙනම යන්න අනෙව්... 🥺❤
( නන්ගි කෙනෙක් රික්වෙස්ට් කලා කට්ටියගෙ පොටෝස් ටිකක් දාන්න කියලා ඔන්න දැම්මා...)
රෙහාන්
ක්‍රිෂ්
රේන්
නෙලීශ
ශෙහාන්
විශාල්
සොහාන්..
ටෙරාන්
ශාන් ඇමතිතුමා
වයස 43
ශලිත..
ආපහු ඉක්මනට හම්බෙමු දරුවනෙ....😁❤
පරක්කු උනාට සමාවෙන්න....