DADDY CRUSH 32 🥵

3K 198 36
                                        

" වාහනෙ අයිනෙන් පාක් කරන්න...."

මන් වාහනේ පාක් කරන්න කිව්වා අයිනකින්.. මූ මොකද නුවරඑළියෙ කරන්නෙ... බැරි වෙලාවත් ඇමතියත් ඉන්නවද දන්නෙ නෑ ඇවිල්ලා... නෑ වෙන්න බෑ උට මේ ටිකේම රැස්වීම් කියලා මට ඇහුනා අයියයි ශෙහාන් අංකලුයි කතා වෙනවා ඒකමනෙ අපිව මෙහෙ එව්වෙ...

මන් රේන් දිහා බලලා ඇහුවා මාව එලියට එක්කරගෙන යනවද කියලා...

" රේන් පොඩ්ඩක් මාව එලියට එක්කන් යනවද..."

" හ්ම්... යන්....කෝ මාව අල්ලගන්න..."

රේන් මගෙ ඉනෙන් අල්ලගෙන වාහනෙන් බැස්සුවා.. ශලිත හිටියේ මොකකට හරි බය වෙලා.. මන් දන්නවා ඕකා නරක කෙනෙක් නෙවෙයි කියලා.. අර පක ඇමතියා කරන්න කියපු දේවල් නේ ඉතින් ඌ කලේ...

" අනේ මිහී බබා....."

අඩො අඩො ශලිතයෝ... EX තමා ඒමයි කියලා ඕම බදා ගන්න ඕනෙද... අනේ...

මන් එලියට බහිනවා එක්කම මාව දැකපු පොර මන් ගාවට දුවගෙන ආවෙ ජෙට් එකක් වගෙ... රේන් මාව අල්ලගත්තෙ නැත්තන් මන් බිම...

" සීමාවෙ හිටපන් ශලිත...."

ඔය ඔය ඉතින් මගෙ කුඩු මාත්තයා රේන්ට මල පැන්නා නේ ශලිතයා මට බබා කියන්න ගිහින්....

" ඔයා හොදින්ද මිහී... අප්පච්චි කරපු දේ හින්දා ඔයාට මෙහෙම උනේ කියනකොට මට දරාගන්න අමාරු උනා... මන් ඔයාව බලන්න හොස්පිටල් එන්න හදනකොට අප්පච්චි මාව ලොකප් කලා ටූ ඩේස්...."

" අයියො අයියො ඉතින් දැන් වෙලා ඉවරයි නේ ඒක... "

" ඒත්..."

" මේ ඒක නෙවෙයි ශලිතයෝ උබ මොකතේ මෙහෙ කරන්නෙ..."

මටත් අහන්න ඕනෙ වෙලා තිබ්බ ප්‍රශ්නයක් නෙලීශ ඇහුවේ...

" ඒක මන් දන්නෙත් නෑ අද උදේ මාව මෙහෙට ගෙනත් දැම්මා අප්පච්චිගෙ ගෝලයෙක්... හේතුවක් කිව්වෙත් නෑ ටික කාලෙකට විතරයි කියලා කිව්වා..." 

ම්... එහෙනම් ඇමතිතුමා බය වෙලා වගෙ පුතාව නැති වෙයි කියලා අනේ මන්දා මේ නාකි මිනිස්සු..

" ම්.... නෙලීශ අපි යන්... බබා ක්‍රිෂ් යන්... "

" රේන්... ඇයි උබ මාව මගහරින්නෙ... අපි සහෝදරයෝ නේද බන්...."

MY DADDY CRUSH ( ONGOING )Where stories live. Discover now